Wednesday, December 26, 2012

සෙංකඩගල නැවතුම..

දෙපා වා‍රැ නැත ඔබ හැර යන්නට..

මිතුදමේ සුමිහිරි මතක සටහන් හා වියැකුනු මිතුදම

අපි හැමොටම යාලුවෝ ඉන්නවා සමහර අයට ගොඩාක් ඉන්නවා සමහර අයට චුට්ටයි ඉන්නේ. ඒත් මගේ ස්කොලේ කාලේ මට යාලුවො ගොඩාක් හිටියා. ඒකට හේතුව තමයි මං කොච්චරවත් කියවගත්ත ගමන් හිටියේ. මට ඕනි හැම වෙලේම හිනා වෙලා ඉන්න. ඉතින් මං පොඩි එකා වගේ ඔහේ කියව කියව ඉන්නවා. සමහර අයට මං කට ඇරියත් හිනා යනවලු. මට මතකයි 8 වසරෙදි එහා පැත්තේ ක්ලාස් එකේ මං වගේම පිස්සො සෙට් එකක් හිටියා  මාත් ඉතින් ඉන්ට්වල් එකෙ උන්ට සෙට් වෙලා බඩ පැලෙන්න හිනා වෙවි ඉන්නවා. බෙල් එක ගැහුවාම උන් මට යන්න දෙන්නැහැ හොරෙන් ඉමු කියලා  අතින් ඇදගෙන ඉන්නවා. මාර ගේමක් දීලා අමාරුවෙන් තමයි පැන ගන්නේ. ඉන්න කිව්වට අහු උනාම බැනුම් අහන්නෙ මං විතරනේ.

අමතක නොවෙන පාසලේ දඩබ්බර චරිතය..

මව් තුරුලෙන් ගුරු ගෙදරට..

ලපටි මතකයෙන් බිදක්..

එකදහස් නවසිය අසු ගණන් වල අන්තිම පුරුක් තමයි අපි. මං එහෙම කිව්වේ 89 නිසා. ඒ කාලේ ජේ. ව්. පි කලබල තිබුනලු. අපේ අම්මට එයාගේ දෙවෙනි දුව හම්බුනේ ඔන්න ඔය කාලේ තමයි. පොඩි කාලේ මං එයා කියන දේ අහුවේ නැති වෙලාවක මට කියන්නේ මං  ඉපදෙච්ච කාලේ වැ‍රැද්දක්ලු. මොකද මං පොඩි කාලේ ඉදන්ම දගකාර, කටකාර ඒ වගේම විසේකාර චරිතයක්.  ඒකට හේතුවත් ඉතින් අපේ අම්මාම තමයි. ඒ කතාව පස්සේ. 

පිවිසුමට මත්තෙන්

බ්ලොග් එකක් ලියනවා කියන්නෙත් එක්තරා කලාවක් ඒක හරියට පොතක් ලියනවා වගෙ වැඩක්. බ්ලොග් එකක් මුලින්ම කියෙව්වේ මුනු පොතේ හිටිය යාලුවෙක්ගෙන්. එයා ගියපු පන්තියක දවස ගානේ යාලුවොත් එක්ක කරපු පිස්සු වැඩ එයාගේ බ්ලොග් එකේ මාර ලස්සනට ලියලා තිබුනා. එයාගෙ නං වචන ගැලපිම මට වඩා ගොඩක් උසස්. ඊට පස්සේ කියෙව්වා මගේ ඉස්කොලේ යාලුවෙක්ගේ එකක් එයා එයාගේ අම්මා ගැන ලස්සන කතාවක් ලියලා තිබුන ඒක මාර සංවේදි ලිපියක්. මේ බ්ලොග් කෙරුවාව මටත් කරන්න හිතුනෙ ඔන්න ඔහොම.මේක ඇවිල්ලා මහගම සේකරවත් මාටින් වික්‍රමසිංහවත් වීමට දරන අනුවන උත්සහයක් නොව හුදෙක්ම මගෙ රසවින්දනය හා පාලුව මකා ගැනිම උදෙසා කරන වැයමක් වන බැවින් මෙහි කතුවරයා සහ රසිකයා යන දෙපර්ෂවයම මා පමණි.